22 විසිවෙයි : රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් !

22 විසිවෙයි : රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් !

ඊයේ ආණ්ඩුවෙ ගෲප් මීටින් එකේදි 21 ගැන කතාව ලොකුවටම ඇදිල.

වෙඩිමුරේ පත්තු කරලා තියන්නේ, එස් බී.

'' ජනාධිපතිට වැඩ කරන්න බලය තියෙන්න ඕන. මහින්ද මහත්තයා යුද්දෙ ඉවර කලෙත්, විධායක බලය හරියටම තිබ්බ හින්දා . මේ විකාර සංශෝධනය නම් ගේන්න එපා. එච්චරයි මම කියන්නෙ...'' එස් බී කියාගෙන කියාගෙන ගිහින්..

ඊට පස්සෙ සාගර කාරියවසම් බැටන් එක අතට අරන්..

'' ජනාධිපතිතුමනි...දැන් කවුද මේකට ජන්ද 150 ක් හොයන්න වගකීම බාර ගන්නෙ. අනික 20 ටත් ජන්දෙ දීල ඒකම අනිත් පැත්ත පෙරලන්න 21 ටත් ජන්දෙ දුන්නම කොහොමද අපි මිනිස්සුන්ට මූණ දෙන්නෙ. 21 ගේනව නම් විජේදාස ඇමතිතුමාටම කියන්න වගකීම බාර ගන්න කියලා ..'' පොහොට්ටුවේ ලේකම් කියල තියෙන්නේ එහෙම..

ඒ කතාවට නං විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිතුමාට මළ පැනලා ...

''මේක මගෙ පෞද්ගලික උවමනාවකට ගෙනාපු සංශෝධනයක් නෙවෙයි. මම කලේ ඒ දවස්වල ගෝඨාභය ජනාධිපතිතුමා මට පවරපු රාජකාරිය එච්චරයි . කැබිනට් මණ්ඩල දෙකක දීම ඕක අනුමත කෙරුවා.. '' විජේදාසත් කියාගෙන කියාගෙන ගියා ලු..

ඔය වෙලාවේ සරත් වීරසේකර කිව්වලු, මම නම් 21 ට ජන්දෙ දෙන්න සූදානම් නෑ කියල.

''අපි බලමු මොකක්ද වෙන්නෙ කියලා . අනික මම බ්‍රහස්පතින්දා ආර්ථික තත්ත්වය ගැන, පාර්ලිමේන්තුවේ දි කතාවක් කරන්න ඉන්නෙ. '' ජනාධිපති රනිල් 21 ගැන කතාව වෙනම පැත්තකට හරවලා .

ජනාධිපති රනිල් ඒ විදියට නොකියා කිව්වෙ, එදා වැදගත් වැඩේ 21 ගේන එක නෙවෙයි කියල .

සාකච්ඡාව ඉවර වෙලා යන ගමන් විජේදාස රාජපක්ෂ , සංජීව එදිරිමාන්නට මොකහරි ලොකු පැහැදිලි කිරීමක් කරනව කට්ටියම දැකලා..දෙන්නගෙ මූණ වලින් පෙණුන ලු කතාව සීරියස් එකක් කියල .

'' මොකක්ද මල්ලි අපේ ඇමතිතුමා කියන්නෙ '' කියාගෙන ජයන්ත කැටගොඩට කතාව මැද්දට පැනලා.

''ඇමතිතුමා කියන්නෙ, 21 වෙනි සංශෝධනය එතුමගෙ පුද්ගලික උවමනාවක් නෙවෙයි කියල අයියෙ'' එදිරිමාන්න කැටකොඩට උත්තර දීල තියන්නේ එහෙම..

''කොහොම උණත් ඇමතිතුමා මම නම් ජන්දෙ දෙන්න නෑ '' කියල, කැටගොඩට විජේදාස රාජපක්ෂගෙ මූණටම කියලා.

ඔය කතාවලින් තේරෙන්න ඔය ව්‍යවස්ථා සංශෝධනේ හරියන මගුලක් නෙවෙයි කියන එකද ?

තව දවස් දෙක තුනකින් ඒක බලාගන්න පුළුවන්නේ..

-දේශපාලන වාර්තාකරු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න