විමල්ලාගේ උත්තර සභාවට කට උත්තර නැති වෙලා !

විමල්ලාගේ උත්තර සභාවට කට උත්තර නැති වෙලා !

පහුගිය කාලෙ විශාල වියදමක් දරල රට පුරා පෝස්ටර් ගහල, රටට හඳුන්වා දූන්න උත්තර සංවිධානෙට නම් මේ දවස්වල උත්තර නැතුවලු ඉන්නේ. ඒ සද්ද බද්ද නැතුව පටන් ගත්ත, නිදහස ජනතා සභාව , මෙච්චර ඉක්මනට ජනප්‍රිය වේගෙන එන්නේ කොහමද කියන එක ගැන.

ප්‍රධාන නාලිකාවල හැමදාම වගේ ඔය ජී එල් , ඩලස්, ඩිලාන්, නාලක , චරිත , වසන්ත යාපා වගේ කවුරු හරි ඉන්නවමයි කියල , උත්තර සංවිධානේ ලොක්ක විමල්ට මළ පැනලලු ඉන්නේ.

ඒ නිසා අපේ අයත්, හැමදාම මොකක් හරි මාධ්‍ය සාකච්ඡාවක් තියන්න ඕන කියල, විමල් උපදෙස් දුන්නට උදය මීක් නෑලු. මෙච්චර කල් විමල් එක්ක ඉදිකට්ටයි නූලයි වගේ හිටපු උදය දැන් මේ මාධ්‍ය සාකච්චාවලින් කට්ටි පනින්නේ නිදසටවත් එකතු වෙන්නද දන්නේ නෑ කියල, පොඩි සැකයක් විමල්ගේ මංත්‍රී කන්ඩායමේ තියනවලු.

ඒ අස්සේ උදය දැන් පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඉන්නෙත් නාලක ගොඩහේවයි, චන්න ජයසුමනයි ලගමලු.

පසුගිය දවස්වල කිප වතාවක්ම උදය , ජී එල් පීරිස්ගේ ගෙදර ගිය බවත්, විමල්ලට ආරංචි වෙලා ඒ ගැනත් කට්ටිය බය වෙලාලු ඉන්නේ.

ඔය අස්සේ උත්තර සභාවට එකතු නොවී, කට්ටි පැනපු තවත් පක්ෂ නායකයෙක් වන, අසංක නවරත්නත් නාලක ගොඩහේවා හා චන්න ජයසුමනගේ ඉල්ලීමක් මත, ජී එල් හම්බවෙලා තියෙනවා කියලා ආරංචියි.

මහජන පක්ෂේ පැත්තෙන් එන ආරංචි විදියට අසංකත් නිදහස් ජනතා සභාවට සහාය දෙන්න එකඟ වෙලාලු.

චන්ද්‍රිකා නෝනත් ගියසතියේ එයාගේ කන්ඩායමක් එක්ක, නිදහස කන්ඩායමේ ජී එල්, නාලක හා චරිත හමුවෙලා තියෙනවනේ.

ලොක්කී එදා අනුර යාපාටයි, චන්දිම වීරක්කොඩිටයි, සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේටයි කියල තියෙන්නේ, සජබේ හා නිදහස කන්ඩායම් එක්ක සහයෝගෙන් වැඩකරමු කියලලු.

හැබැයි මේ කවුරුවත් විමල්ගේ උත්තර සබාව නම් විශ්වාස කරන්නේ නැති පාටලු.

කොයි වෙලේ හරි විමල් ආයේ මහින්දට සෙට්වෙලා "ලී කුවාන් යූ" කියල අපි හිතපු ගෝටාභය රට කෑව . දැන් අපි රිටයර් වෙලා ඉදල ආපු, මහතීර් මොහොමඩ් වගේ මහින්ද එක්ක ආයේ රට ගොඩනගනව " කියල මයික් පලන්න පටන් ගත්තොත් පුදුම වෙන්න දෙයක් නෑ කියලලු සජබේ කට්ටිය නම් කියන්නේ.

- දේශපාලන වාර්තාකරු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න