දුරකථන පාටියේ කාලය ටිකක් සරුවෙලා නිසා දැන් හැමෝම ඉන්නේ සතුටෙන්ලු. ඒත් ඒ සතුට භුක්ති විඳින්න බැරිවෙයි කියලා හැමෝම කතා වෙනවලු නිතර. ඒකට හේතුව පක්ෂයෙන් මැතිසබේට ගිය අයට පක්ෂයේ සංවිධායකවරැන්ගෙන් ලැබෙන ප්‍රතිචාර.
ප්‍රධාන වශයෙන් එයාලට තිබෙන ප්‍රශ්නය පක්ෂයේ ලොකු තැන මීටිමක වාඩිවුණාම එයාට සමහර කාරණා කියන්න විදිහක් නෑ කියලා.මොකද එයාගේ ළඟ ලොකු මැඩම් ඉන්න නිසා. මොකක් හරි කියන්න ගියොත් කාලය වැඩිය යනවා නම් ලොකු මැඩම්ගේ මුහුණ පුංචි වෙන නිසා ගොඩක් අය කිසිදෙයක් කියාගන්න බැරිව හැරිලා ආපු අවස්ථා අනන්තයිලු.
මේ නිසා සංවිධායක මහත්තුරු පක්ෂයේ මන්ත්‍රීගොල්ලට කියලා එයාලගේ රැස්වීම්වලට අහවලා ගේන්න එපා කියලා. ඒ පණිවිඩය ලොකු තැනට කියන්න බැරුව මැති සබේ මන්ත්‍රී සෙට් එක පුදුම අමාරුවෙන්ලු ඉන්නේ. කොහොම වුණත් එයාලට කටින් කියලා දාන්න බැරි නිසා මේක පත්තරේවත් දන්න ඕන කියලා කතා වෙලත් තියනවා.
-deshaya
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
