චුට්ටිත්තක් හොඳ නිසා : සජිත් 22 ට ජන්දය දීලා !

චුට්ටිත්තක් හොඳ නිසා : සජිත් 22 ට ජන්දය දීලා !

සමගි ජනබලවේගය පක්ෂය 22 ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජන්දය ලබාදුන්නේ එය 20 ට වඩා චුට්ටිත්තක් හොඳ නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායකවරයා මේ අදහස් දක්වා සිටියේ මහනුවර ප්‍රදේශයේ පැවැති සමගි ජනබලවේගයේ ජනහමුවක් අමතමින්ය.

එහිදී ඔහු මෙසේ පැවසීය.

"සමගි ජන බලවේගයෙන් යනවාලු ආණ්ඩුවට. මම එකක් කියන්න කැමතියි කවුරුත්නම් යන්න නැහැ. හැබැයි ගියොත් ඉතින් එයාලගේ දේශපාලන මරණසහතිය තමයි ඒ අය අත්සන් කර ගන්නේ. මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා කව්ද අවස්ථාවාදී දේශපාලනය කරන්නේ. කව්ද සටකපට දේශපාලනයේ නිරත වෙලා සිටින්නේ. කව්ද ජනතාව බිල්ලට තියෙලා ජනතාවගේ කරපිටින් ඡන්ද ගත්ත අය වරදාන වරප්ප්‍රසාද ප්‍රතිලාභ ලබාගන්නට ආණ්ඩුවලට එකතුවෙන්නේ කියලා හොඳින් බලාගෙන ඉන්නවා. දැන් අපි බලන්න විපක්ෂයේ ඉඳගෙන හොඳයි කියලා හිතුනු දේකට අපි උදව් කරනවා. ඒක අංග සම්පූර්ණ විසඳුම නෙමෙයි. අපි 22 ඡන්දය දුන්නේ ඇයි 20ට වැඩිය ඩින්ගිත්තක් හොඳ නිසා.. චුට්ටිත්තක් හොඳ නිසා. එහෙම නැතිව 22 නෙමෙයි රටේ දේශපාලන ප්‍රශ්නයට තියෙන හොඳම විසඳුම. ඒක අරික්කාලේ විසඳුමක්."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න