ඩීසල් භූමිතෙල් මිල ඉහළට : නොවැම්බරයේ නැවත මිල ඉහළ දැමීමක් නෑ !

ඩීසල් භූමිතෙල් මිල ඉහළට : නොවැම්බරයේ නැවත මිල ඉහළ දැමීමක් නෑ !

ඩීසල් ලීටරයක් රුපියල් 15.00 කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 25.00 කින් අද (11) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කරයි.

නව මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් ඒ අනුව ඩීසල් ලීටරයක නව මිල රුපියල් 430.00 ක් ද, භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 365. 00ක් ද, වන බවද ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කරයි.

සුපිරි ඩීසල් ලීටරයක් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 510 ක ද, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 370 ක ද, කාර්මික භූමිතෙල් ලීටරයක් රුපියල් 464 ක ද, ලෙස තව දුරටත් පැරණි මිල යටතේ පවතින බව ද ඛනිජ තෙල් සංස්ථාව පවසන අතර නොවැම්බර් මස තුළ නැවත ඉන්ධන මිල සංශෝධනය කිරීමට අපේක්‍ෂා නොකරන බව ද පවසයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න