කංසාවලට දුන්න තැන රා වලටත් දෙන්න - චාමර

කංසාවලට දුන්න තැන රා වලටත් දෙන්න - චාමර

කංසාවලට වගේම කිතුල් රා වලටත් සහය දෙන්නැයි ඉල්ලා සිටින බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක අද (15) පාර්ලිමේන්තුවේදී පැවසීය.

බදුල්ල පස්සර ප්‍රදේශවල වස විස නැති රා තිබෙන නමුත් තවමත් කිතුල් රා ගොවියාට සාධාරණයක් ඉටු වූයේ නැති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි .

කඳුකර ප්‍රදේශවල ජනතාව වසර ගණනාවක සිට රා පාවිච්චි කළ අය බවද රා නිෂ්පාදනය සම්බන්ධ නීති අඩු කරන්නැයි ඉල්ලා සිටින බවත් පොලිසිය රා හොඳට හදන කෙනා වගේම නරකට හදන අයත් කුදලාගෙන යන බවත් සඳහන් කළේය.

තමා සිරිකොත මිදුලට වත් ගිහිපු නැති සිරිකොත තියෙන තැනවත් දන්නේ නැති නමුත් ජනපතිට සහය දෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න