සාරිය ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී පාසල් පැමිණි ගුරුවරියන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බව වැඩබලන කැබිනට් ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසයි.
පාසැල් ගුරුවරියන් සඳහා අනුමත වී ඇත්තේ සාරිය සහ ඔසරිය පමණක් බවත් ඒ වෙනුවට වෙනත් ඇඳුම්වලින් පැමිණි ගුරුවරියන් ගැන විනය ක්‍රියාමාර්ග ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ අද (22) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු කළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමිනි.
මේ අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ලේකම් ප‍්‍රියන්ත මායාදුන්නෙ සඳහන් කරන්නේ රජයේ කාර්යාලවල සේවයට වාර්තා කිරීමේදී පහසු ඇඳුමකින් සේවයට පැමිණීමට අනුමැතිය දෙමින් නිකුත් කළ චක්‍රලේඛය පාසැල්වලට අදාළ නොවන බවත් පාසල් රාජ්‍ය කාර්යාල ලෙස සැළකිය නොහැකි බවත්ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
