හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට ජනාධිපති පොදු සමාව ලබාදීම සම්බන්ධයෙන් ලබන 15 ට පෙර අධිකරණයට කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නොතීසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය.
මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබූ ආර්. දුමින්ද සිල්වාගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ද ඒකමතිකව අනුමත කොට තිබියදීත් ජනාධිපති පොදු සමාවක් මත ඔහු මුදා හැරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගත් තීරණය අභියෝගයට ලක් කරමින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ, දියණිය සහ තවත් නීතිඥවරයෙකු විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් අද යසන්ත කෝදාගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීය.
විනිසුරු මඩුල්ල නියෝග කළේ, එම පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර සලකා බැලීම ලබන දෙසැම්බර් 16 වැනි දින දක්වා කල් තැබීමටයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
