අටවෙනිදාට පසු එජාපයේ අභ්‍යන්තර කැරැල්ලක්

අටවෙනිදාට පසු එජාපයේ අභ්‍යන්තර කැරැල්ලක්

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව ලබන සතියේ දී ජනාධිපතිවරයාට භාරදීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය තුළ අර්බුද රැසක් ඇතිවිය හැකි බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

ලබන 08 වෙනිදා දිනයේදි අදාළ වාර්තාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට භාර දීමට නියමිතය.

කොමිෂන් වාර්තාවෙන් හෙළිවන කරුණු අනුව එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරු රැසකට චෝදනා එල්ල වුවහොත් ඔවුන් පක්ෂයෙන් තාවකාලිකව ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇත.

මේ වන විටත් අර්ජුන ඇලෝසියස් සහ අර්ජුන මහේන්ද්‍රන් යන මහතුන් සමඟ දුරකථන සංවාද සිදුකළ බවට එම පක්ෂයේ ඇමතිවරුන් වන සුජීව සේනසිංහ, අජිත් පී පෙරේරා, හර්ෂණ රාජකරුණා, හෙක්ටර් අප්පුහාමි යන අයට චෝදනා එල්ල වී ඇත.

ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවී කරුණානායක මහතාට ද චෝදනා එල්ල වීමත් සමඟ ඔහු මුදල් ඇමතිධුරයෙන්ද ඉල්ලා අස්විය.

බැදුම්කර කොමිසම අගමැති රනිල් ව්ක්‍රමසිංහ, පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් හා අමාත්ය මලික් සමරව්ක්‍රම යන මහතුන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගත්තේය.

(සත්හඬ)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න