මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පසුගිය ඔක්තෝබර් මාසය සඳහා වන විදුලි බිල ගෙවීමට නොහැකි බව එහි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත දැනුම් දී ඇති බව වාර්තා වෙයි .
වාර්තා වන ආකාරයට එහිදී දියවඩන නිලමේ මහජන උපයෝගීතා කොමිසම වෙතින් ඉල්ලා ඇත්තේ, ඔක්තෝබර් මාසය සඳහා මාලිගාවේ විදුලි බිල රුපියල් ලක්ෂ 28ක් පැමිණ ඇති බවත් එනිසා බිල්පත සංශෝධනය කරන ලෙසත් ය.
විදුලි බිල වැඩි කිරීම පිළිබඳව මහජන උපයෝගීතාවය සභාපතිවරයාව මෑතක දී මල්වතු අස්ගිරි මහ නායක හිමිවරුන් සමග ද සාකච්ඡා කර ඇති අතර විදුලි බිල අඩු කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස්කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සමඟ සාකච්ඡා කරන බවද එහිදී පොරොන්දු වී ඇති බවත් දැනගන්නට ඇත .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
