දෙසැම්බර් 01 වැනිදා සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් දෛනිකව වෙළෙඳපොළට මුදාහරින බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
හෙට(28) සහ අනිද්දා(29) දිනවල ගෘහස්ථ ගෑස් සිලින්ඩර 40,000 බැගින් නිකුත් කරන බව නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේය.
අද දිනයේ ගෑස් නිකුත් කරන්නේ කර්මාන්ත ශාලා, ප්‍රධාන හෝටල් සහ අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
ගෑස් මෙට්‍රික් ටොන් 4,000ක තොගයක් රැගත් නෞකාවක් දෙසැම්බර් 30 වැනිදා දිවයිනට ළඟාවීමට නියමිත බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළ අතර ඒ අනුව උත්සව සමයට සරිලන පිරිදි ගෑස් ඇණවුම් කර ඇති බව ද ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් අවධාරණය කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
