මාලදිවයින් හිටපු ජනපතිට වසර 11ක සිරදඬුවමක්

මාලදිවයින් හිටපු ජනපතිට වසර 11ක සිරදඬුවමක්

දූෂණ සහ මුදල් විශුද්ධිකරණ චෝදනාවන්ට වරදකරු වූ මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යාමීන්ට එරට අපරාධ අධිකරණය (දෙසැම්බර් 25 වැනිදා) වසර 11ක සිර දඬුවමක් සහ ඩොලර් මිලියන 05 ක දඩයක් නියම කරනු ලැබීය.

පෞද්ගලික සමාගමකින් නීතිවිරෝධීව මුදල් ලබා ගැනීම ඇතුලු චෝදනා ඔහුට එරෙහිව එල්ල වී තිබේ.

කෙසේ වෙතත් යමීන් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

හිටපු ජනපති යමීන්ට 2018 දී බලය අහිමි වූ නමුත් 2023 දී පැවැත්වීමට නියමිත මැතිවරණය සඳහා ඔහු මාලදිවයින් ප්‍රගතිශීලී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

අබ්දුල්ලා යමීන් මාලදිවයින් හිටපු ජනාධිපති මවුමූන් අබ්දුල් ගයුම්ගේ අඩ සහෝදරයෙකි.

2019 දී ද ඔහුට වසර පහක සිර දඬුවමක් සහ ඩොලර් මිලියන 5 ක දඩයක් නියම කෙරුණු අතර නිවාඩු නිකේතන සංවර්ධන අයිතීන් බදු දීමෙන් රාජ්‍ය අරමුදල් ඩොලර් මිලියනයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව එම චෝදනා එල්ලවී තිබුණි.

දඬුවම් කිරීමෙන් පසු, යමීන් 2020 දී නිවාස අඩස්සියේ තබා මාස කිහිපයකට පසු නිදහස් කරන ලදී.

නිදහස් වූ දා සිට, යමින් මාලදිවයිනේ ඉන්දියානු බලපෑමට එරෙහි ව්‍යාපාරයක් සමඟ නැවත ක්‍රියාකාරී දේශපාලනයට පැමිණියේය.

ඉන්දියන් සාගරයේ උපාය මාර්ගික නාවික මංතීරුවලට ආසන්නව පිහිටා ඇති මාලදිවයින, කලාපය තුළ බලපෑම සම්බන්ධයෙන් ඉන්දියාව සහ චීනය අතර බල තරගයේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙයි.

බීබීසී

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න