නිදහස් සැමරුමට සමගාමීව පිරිසිදු හරිත නගර වැඩසටහනක් !

නිදහස් සැමරුමට සමගාමීව පිරිසිදු හරිත නගර වැඩසටහනක් !

හරිත ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ වගකීම තාරුණ්‍යයට පවරමින් 75වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව “පිරිසිදු හරිත නගර” ගොඩනැංවීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ.

මෙරට තරුණ්‍යය රටේ සංවර්ධනයට විධිමත්ව දායක කර ගැනීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයට අනුව ක්‍රියාත්මක “ජාතික යොවුන් වේදිකාව” වැඩසටහන යටතේ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සහ යොවුන් පාර්ලිමේන්තුව ඒකාබද්ධව මෙය සංවිධානය කරයි.

ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම නියෝජනය කරමින් තෝරා ගත් එක් නගරයක් පිරිසිදු කිරීම මෙම වැඩසටහනේ මූලික අදියරේ දී සිදු කෙරේ.

ඒ අනුව පෙබරවාරි මස 03 දින සිට 10 දින දක්වා දිවයිනම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 335 තුළම තරුණ තරුණියන් 50,000කගේ ශ්‍රම දායකත්වයෙන් තෝරාගත් නගර පිරිසිදු කිරීම ආරම්භ කිරීමට නියමිතය.

75 වෙනි නිදහස් දිනයට සමගාමීව මූලික අදියරේදී ආරම්භ කෙරෙන මෙම නගර 335 සඳහා එම ප්‍රදේශවල පිහිටි ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා සහ ඊට අනුබද්ධ ආයතනවල දායකත්වය ද ලබා ගන්නා අතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ශ්‍රී ලංකා පොලිසිය , සෞඛ්‍ය සේවා කාර්යාල සහ අනෙකුත් ප්‍රජා මූල සහ ස්වේච්ඡා සංවිධානවල ද දායකත්වය ලබා ගැනීමට අපේක්ෂා කරයි.

අදාළ නගරය මාස්පතා පවිත්‍ර කිරීම සිදු කළ යුතු අතර, එම කොට්ඨාසය තුළ සිටින වෙනත් තරුණ සංවිධාන, විශ්වවිද්‍යාල සිසුන්, පුහුණු මධ්‍යස්ථානවල සිසුන්, බාලදක්ෂයන්, ශිෂ්‍යභට කණ්ඩායම්, පාසල් පරිසර ක්‍රියාකාරිකයන්ගේ දායකත්වය ද වක්‍ර ලෙස ලබා ගැනීමට අපේක්ෂිතය. එසේම මෙම හරිත නගර ගොඩනැංවීමේ වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා සේවකයින්ගේ ( UNV) දායකත්වය ලැබීම ද විශේෂත්වයකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න