ධීවර සංස්ථාව කොරියාවට

ධීවර සංස්ථාව කොරියාවට

ලංකා ධීවර සංස්ථාව දීර්ඝකාලීන බදු පදනම යටතේ දකුණු කොරියාවේ පොන්ටැස් නමැති මත්ස්‍ය සමාගමට පවරා දීමට ධීවර සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලය රහසිගතව සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

ධීවර සංස්ථාව දීර්ඝකාලීන බදු පදනම යටතේ අදාළ සමාගමට පවරා දීමට සැලසුම් කර ඇත්තේ මේ වන විට අධික අලාභයක් ලබමින් සේවක වැටුප් හා වෙනත් ව්‍යවස්ථාපිත දීමනා පවා ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වීම නිසා බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහි පළමු පියවර ලෙස එහි සේවකයන් ස්වේච්ඡුා වන්දි ක්‍රමයක් යටතේ විශ්‍රාම ගැන්වීමට කටයුතු කරමින් සිටින අතර සංස්ථාවට අයත් නිවාඩු නිකේතන සහ ඉඩම් ඇතුළු විවිධ දේපළ විකිණීමේ සැලසුමක් ද මේ වන විට ක්‍රියාත්මක කොට තිබේ.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එස්.කේ. අධිකාරි මහත්මියගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී කියා සිටියේ අධික අලාභයක් මත පවත්වාගෙන යන ධීවර සංස්ථාව තවදුරටත් රජයට බරක් නොවී පවත්වාගෙන යාමට නම් කළ යුතුව ඇත්තේ එවැනි ක්‍රියා මාර්ගයක් ගැනීම පමණක් බවයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න