හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළිත් අග්‍රාමාත්‍ය ධූරය ලබාගන්නට යෝජනාවක් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් සිදුකර ඇති බවට පළවන ප්‍රචාරය සාවද්‍ය බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .
එම ආරංචි මාර්ග පවසන්නේ එවැනි කිසිම යෝජනාවක් හෝ අපේක්ෂාවක් පොදුජන පෙරමුණ පක්ෂයේ අභ්‍යන්තරයේ නොමැති බවය.
මේ අතර දේශය පුවත්පත ද මෙම පුවත සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙතින් විමසා ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉතා හොඳින් තමන්ගේ රාජකාරිය ඉටු කරන බවත් ඔහු තනතුරින් ඉවත් කිරීමට කිසිදු හේතුවක් නැති බවත් ය.
කෙසේ වුවත් පක්ෂය ගන්නා තීන්දුවකට හිස නැමීම තමන්ගේ ප්‍රතිපත්තිය බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසූ බවත් එම පුවතේ සඳහන් ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
