ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන හා අනෙකුත් පහසුකම් නොලැබීම හේතුවෙන් සැලසුම් කළ පරිදි පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ කටයුතුවලට බාධා මතුව ඇති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.
පළාත් පාලන ඡන්ද විමසීම එළඹෙන මාර්තු 09 වැනි දිනට පැවැත් වීමට නියමිත ව තිබුණි.
ඒ අනුව නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බවට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දුන් ප්‍රතිඥාව ඉටු කිරීමට අපහසු තත්ත්වයක් උද්ගතව තිබෙන බවද මැතිවරණ කොමිසම එමගින් දන්වා ඇත.
මැතිවරණ කොමිසම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් මගින් මෙම කරුණු අනාවරණය කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
