දිවයින පුරා පිහිටි රජයේ රෝහල් සඳහා ඩීසල් සැපයීම වෙනුවෙන් ඩොලර් මිලියන 46 ක මානුෂීය ප්‍රදානයක් සිදුකිරීමට ජපාන රජය කටයුතු කර තිබේ.
ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම අද (22) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ සිදු විය.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (Mizukoshi Hideaki) එම ගිවිසුමට අත්සන් තැබූහ.
මෙම ගිවිසුම අනුව ජපාන රජය ඩීසල් ලීටර් මිලියන 20ක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත අතර වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවා පහසු කිරීම උදෙසා මෙම මානුෂීය ආධාරය සිදු කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
