ඉන්දියාව, චීනය සහ පැරිස් සමාජය ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීමේදී සහ තීරණාත්මක ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීමේදී ශ්‍රී ලංකා බලධාරීන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සතුටට පත් වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව සඳහන් කර ඇත.
එහි ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන එහි විධායක මණ්ඩලය වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව ය.
අදාළ ට්වීටර් සටහන පහත දැක්වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
