Language Switcher

V2025

පොහොට්ටුව ආයෙත් මහින්ද සමග නැගිටීම අරඹයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ප්‍රධාන ජන රැලි පැවැත්වීම ආරම්භ කිරීමට තීරණය කර ඇත.

එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පළමු ජන රැලිය පැවැත් වීමට නියමිතව ඇත.

ඒ අනුව මොණරාගල නගරයේ දී එම රැලිය හෙට (12) දින පැවැත්වීමට සංවිධානය කර තිබේ.

මෙවර මැයි දින රැලිය ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉහළින් සංවිධානය කිරීමට පක්ෂ නායකයන් සාකච්ඡා කර ඇති බවත් වාර්තා වෙයි .