අනුරාධපුර නගරයේ ප්‍රකට දේවාලයක් පවත්වාගෙන යන ඥානක්කා ලෙස හඳුන්වන කාන්තාවගේ දියණිය පදිංචිව සිටින අනුරාධපුර නව නගරයේ නිවෙසේ සිදුව ඇති රුපියල් ලක්ෂ 80කට අධික මුදල් හා රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම සොරකම ගැන අනුරාධපුර මූලස්ථාන පොලිසියට පෙරේදා (20) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ ඥාන අක්කාගේ දියණියගේ සැමියාය.
උතුරු මැද පළාතේ ව්‍යාපෘති කළමනාකරුවකු වන ඔහු පොලිසියට පැමිණිලි කරමින් පවසා ඇත්තේ නිවෙසේ කාමරයක අල්මාරියේ තිබුණු රුපියල් 650,000ක මුදල් සමඟ රන් භාණ්ඩ තොගයක් සොරා ගැනීමට ලක්ව ඇති බවය.
ඔහු විසින් පොලිසියට කර ඇති පැමිණිල්ලට අනුව සොරාගෙන ඇති මුදල් හා රන් භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් 8,050,000ක් පමණ වේ.
පසුගිය සමයේ ඥානක්කා නමින් හඳුන්වනු ලැබූ කාන්තාව ප්‍රකට වූයේ දේශපාලනඥයන් සඳහා දේව වරමින් යම් යම් ගුරුකම්, හදි හූනියම් කරදීම සහ අනාගත වාක්‍ය පැවසීම වැනි කටයුතු සම්බන්ධයෙනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
