නාකි ගැන නෙවෙයි දරුවන් ගැන හිතමු : ආණ්ඩුවට සහය දෙමු - වෙල්ගම

නාකි ගැන නෙවෙයි දරුවන් ගැන හිතමු : ආණ්ඩුවට සහය දෙමු - වෙල්ගම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල් ලබා ගැනීමට ජනාධිපතිවරයාට හැකිවීම ගැන තමා හදවතින්ම සතුටු වන බවත් මේ ඉන්න නාකි මල හැත්ත ගැන නොව රටේ දරුවන් ගැන හිතා සියලු දෙනා රජය ගෙන යන වැඩපිළිවෙලට සහය දිය යුතු බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුවේදී අද (22) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම සම්බන්ධව ජනාධිපතිවරයා විසින් සිදුකළ විශේෂ ප්‍රකාශයෙන් අනතුරුව අදහස් දක්වමින්ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීමට හැකිවීම ගැන විපක්ෂයද කුහකත්වයෙන් තොරව අද සතුටු විය යුතු බව පැවසූ වෙල්ගම මන්ත්‍රීවරයා මේ ණය මුදලින් උපරිම ඵල ප්‍රයෝජන ගත යුතු බවද අවධාරණය කළේය.

එහිදී අදහස් දක්වමින් වෙල්ගම මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

මේ ජයග්‍රහණය ගැන මම ජනාධිපතිවරයාට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.ඒ වගේම විපක්ෂය විදියටත් අපි සන්තෝෂ වෙන්න ඕන. මේ යෝජනාවට මම සම්පූර්ණයෙන්ම සහාය දෙනවා. මොකද අපේ රට වැටිල තියෙන්නෙ. අපි හැමදාම හොරු හොරු හොරු කියනවා. අල්ලන හොරෙක් නැහැ. හොරු නම් දෙපැත්තෙම ඉන්නවා. මේ පාර්ලිමේන්තුවේ අවුරුදු තිහක් ඉන්න මිනිහෙක් හැටියට මම මේ කියන්නේ. ඔය කියන හොරු අල්ලන්නේ නැහැ. මොකද ඇල්ලුවොත් ඔක්කොම දිගටම අහුවෙනවා. තවත් දෙයක් කියන්න ඕන. අද ඒ හොරුන්ගේ සල්ලි මේ රටේ නැහැ. අපි ඔක්කොම මේ වෙලාවේ ආණ්ඩුවේ ඒ වැඩපිළිවෙළට සහයෝගය දෙමු.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සල්ලි ගන්න බැහැ කියලා රටේ ගොඩක් අය කිව්වා.නොයෙකුත් තර්ක විතර්ක ගෙනාවා. විපක්ෂයත් ගෙනාවා.නමුත් ජනාධිපතිතුමා ඒ මුදල් ගෙනල්ලා තියෙනවා. අපි මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන. රට ගොඩ දාන්න පොඩි දරුවන් වෙනුවෙන් අපි කතා කරමු. නැත්තං මේ ඉන්න නාකි මල හැත්ත වෙනුවෙන් නෙවෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න