DIG නාලක සිල්වා යළි සක්‍රීය සේවයට : වැඩ බාරගන්නත් පෙර ස්ථාන මාරුවක් !

DIG නාලක සිල්වා යළි සක්‍රීය සේවයට : වැඩ බාරගන්නත් පෙර ස්ථාන මාරුවක් !

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ එවකට ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වූ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කළ බවට වූ චෝදනා මත 2018 වසරේදී වැඩ තහනමට ලක්වූ එවකට ත්‍රස්ත

මර්දන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති (DIG) නාලක ද සිල්වා යළි සේවයේ පිහිටුවා ඇත.

මෙසේ නැවත සේවයේ පිහිටුවීමට අදාළ නියෝගය පොලිස්පති සී.ඩී . වික්‍රමරත්න විසින් පසුගිය මාර්තු 28 වනදා නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.

WhatsApp Image 2023 03 30 at 1.50.12 PM 1

කෙසේ වුවත් මෙහි විශේෂ කාරණය වන්නේ ඔහුව නැවත සේවයේ පිහිටුවීමට අදාල ලිපියට පෙර ඔහුව පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුකිරීමේ ලිපියක් ලැබී තිබීම වන අතර එය පහත දැක්වෙයි.

WhatsApp Image 2023 03 30 at 1.50.12 PM

ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් සිදු කළ බවට නාමල් කුමාර නැමැත්කු විසින් කරන ලද පැමිණිල්ලක් පසුබිම් කරගෙන 2018 නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට අදාළව විනය පියවර ගැනුණු අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද කටයුතු කෙරිණි. නමුත් ඊට අදාළව සිදුකෙරුණු විමර්ශන වලදී ඔහු සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා තහවුරු කර ගැනීමට අපොහොසත් විය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න