Language Switcher

V2025

උද්ධමනය තනි ඉලක්කමකට !

මෙම වසරේ දෙසැම්බර් මාසය වන විට උද්ධමනය තනි ඉලක්කමකට ගෙන ඒමට හැකියාව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමිනි.

95% ක් වූ ආහාර උද්ධමනය අද වන විට 60% දක්වා පහළ වැටී ඇති බව ද පැවසූ ඔහු සාමාන්‍ය උද්ධමනය 50%ට වඩා අඩු මට්ටමකට පැමිණ ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

ශ‍්‍රී ලංකාව දුෂ්කරතා රැසකට මුහුණ දීමෙන් ඇතත් ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත්වනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.