මෙරට සැත්කම් සඳහා යොදා ගැනෙන නිර්වින්දන ඖෂධයක් වහාම ක්‍රියාත්මක වනපරිදි භාවිතයෙන් තාවකාලිකව ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් අංශය පියවර ගෙන තිබේ.
එම නිර්වින්දන ඖෂධය ඉන්දීය ණය ආධාර යටතේ ඉන්දීය ඖෂධ සමාගමකින් මෙරටට ගෙනවා බෙදා හැර ඇති බව සඳහන්ය.
ඒ අනුව එහි කාණ්ඩ 3ක් මෙලෙස තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි.
ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ගෙන්වූ ඖෂධ මෙරට තුළ තත්ත්ව පරීක්ෂාවකට ලක් කීරීමකට හැකියාවක් නොමැති බැවින් එම ඖෂධය සම්බන්ධයෙන් ලබාදී ඇති සහතිකය සහ වෙනත් රටවල භාවිතය පිළිබද සලකාබලා මෙරට තුළද භාවිතයට ගෙන ඇති බව සඳහන්ය.
දෙරණ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
