පැවැති උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු සිදුකිරීමට මේ දක්වා නොහැකි වීම හේතුවෙන් 2023 මැයි මස 15 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය කල්දමා ඇති බව වාර්තා වෙයි.
විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක දැක්වෙන්නේ එම විභාගය සති දෙකකින් කල්දමා ඇති අතර ඒ අනුව එය මැයි 29 වනදා ආරම්භ කෙරෙන බවය.
වැටුප මත බදු අයකිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ සංගමය උත්තර පත්‍ර පරීක්ෂාව මගහැර සිටින නමුත් ගුරුවරුන් උත්තර පත්‍ර පරික්ෂාව සඳහා කැමැත්ත පළකර තිබේ.
නමුත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සමන්විත මණ්ඩල විසින් ලකුණු ලබාදීමේ පටිපාටිය සකස් කරන තෙක් උත්තර පත්‍ර පරික්ෂාව ආරම්භකිරීමට ගුරුවරුන්ට හැකියාවක් නොමැත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
