ණය අර්බුදය විසඳා ගැනීමටත් ආර්ථික වර්ධනය ළඟා කර ගැනීමටත් ශ්‍රී ලංකාව දරන උත්සාහයට චීනයේ අඛණ්ඩ සහාය හිමි වන බව චීන නියෝජ්‍ය මුදල් අමාත්‍ය වැන්ග් දොන්ග් වෙයි ප්‍රකාශ කර ඇත.
වොෂින්ටනයේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම්වලට සමගාමීව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සමඟ පැවති හමුවකදී චීන නියෝජ්‍ය මුදල් අමාත්‍ය වැන්ග් දොන්ග් වෙයි මේ බව පවසා තිබේ.
චීන නියෝජ්‍ය මුදල් අමාත්‍ය වැන්ග් දොන්ග් වෙයි සමග ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ බවත් එහිදී දෙපාර්ශ්වයට ම වැදගත් වන කරුණු රැසක් සාකච්ඡා කළ බවත් හමුව පිළිබඳ අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ප්‍රකාශ කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
