බංග්ලාදේශය විසින් 2021 මැයි මාසයේ දී ශ්‍රී ලංකාවට ලබාදුන් ඩොලර් මිලියන 200ක ණය මුදල නැවත ගෙවීම ආරම්භ කිරීමට තවත් මාස 06ක කාලයක් ශ්‍රී ලංකාවට ලබාදීමට එරට රජය තීරණය කර තිබේ.
ඒ අනුව,ලංකාව විසින් එම ණය මුදලේ පළමු වාරිකය අගෝස්තු මාසයේදීත් දෙවැනි වාරිකය සැප්තැම්බර් මාසයේදීත් බංග්ලාදේශයට ලබාදීය යුතුව තිබේ.
බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේ, ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ මාර්තු මාසය වන විට ඩොලර් මිලියන 200 ක පළමු වාරිකය ගෙවීමට බංග්ලාදේශයෙන් කාලය ඉල්ලා සිටි බවත්, ඒ වන විට එහි ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත්ය.
ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙන ශ්‍රී ලංකාව 2021 මැයි මාසයේදී මෙම ණය ලබා ගත්තේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
