Language Switcher

V2025

රිලව් රට පටවනවාට ආදිවාසි නායකත් එකඟයි !

රිලව් වැනි වන සතුන්ගෙන් තම වගාවන්ට ද විශාල වශයෙන් කරදර සිදු වන බව දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් පවසයි.

එසේම රිලවුන් තම හේන් ගොවිතැන් විනාශ කරන බවත් ගෙවල්වලට කඩා පැන පාඩු සිදු කරන බවත් රිලවුන් චීනයට පැටවීම ක්‍රියාත්මක කලහොත් මෙම ප්‍රශ්නය ටිකක් හෝ විසඳාගත හැකි බවද ඔහු සඳහන් කර සිටියි.

නමුත් චීනය ලංකාව රිලවුනට මෙතරම් උනන්දු වන්නේ ඇයිදැයි සොයා බැලිය යුතු බවද සඳහන් කරන ආදිවාසී නායකයා චීනයේ පරිසරයට රිලවුන් යොදාගත්තාට ගැටළුවක් නැති නමුත් රිලවුනට කරදරයක් නොකරන බවට පොරොන්දුවක් තිබිය යුතු බවද වැඩිදුරටත් පවසයි.