ලබන වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක ලැයිස්තු සැකසීමේදී කුඩු ව්‍යාපාරිකයින්ගේ ඥාතීන් හා හිතවතුන් ගේ නම් ද එක්කර ඇතැයි එම පක්ෂයේ 'සිරිකොත' මුලස්ථාන ආරංචි මාර්ග වලින් වාර්තාවේ.
කොළඹ බ්ලුමැන්ඩල් හා කිඹුලාවල මෙන්ම බොරැල්ලේ කොට්ඨාශ කිහිපයකට එවැනි කුඩු ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් ඇතුලත්ව ඇතැයි වාර්තාවීමත් සමග එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය අඟහරුවාදා සවස අදාල ප්‍රදේශ බාර දේශපාලන නායකයින් කැඳවා අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින්ට හෝ ඔවුන්ගේ ඥාතීන්ට එජාපයෙන් නාමයෝජනා නොදෙනබව අවධාරණය කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
