ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජයට අයත් කොටස් විකිණීම ජුනි මස 15 වනදා වන තෙක් සිදුනොකරන බවට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී ඇති බව වාර්තා වෙයි.
ටෙලිකොම් ආයතනයේ කොටස් පැවරීමට එරෙහිව ටෙලිකොම් වෘත්තිය සමිති ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු ඉදිරිපත්කළ පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර ඇත.
කෙසේ නමුත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ මෙම කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බවය.
එසේම මෙම නඩුව කැදවන මීළඟ ජුනි 15 වනදා තෙක් අදාළ කොටස් පැවරීමක් නොකරන බවත් ඔහු අධිකරණයට ප්‍රතිඥා ලබාදී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
