අලිසබ්‍රි ජනකට සහය දුන්න හේතුව කියයි !

අලිසබ්‍රි ජනකට සහය දුන්න හේතුව කියයි !

තමන් ආණ්ඩුවට එරෙහිව අද (24) දින ජන්දය පාවිච්චි කරන්න තීරණය කර සිටියේ කටුනායක ගුවන් තොටුපළේ දී සිදුවූ අසාධාරණයට පිහිටවීමට ආණ්ඩුවේ කිසිවකු ඉදිරිපත් නොවීම නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්‍රි රහීම් පවසයි .

අද පාර්ලිමේන්තුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ ය.

රේගුව විසින් අත්අඩංගුවට ගනුලැබූ රත්‍රන් තොගය තමන්ගේ නොවන බවත් එය තම ගෝලයකු විසින් අසුරා ගෙනෙනු ලැබූවක් බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය .

රේගුව එම පුද්ගලයාගෙන් ද කටඋත්තර ගනු ලැබුවද මාධ්‍ය වෙත අනාවරණය කෙරුණේ තමන් පමණක් බවත් ඔහු පැවසීය .

එහිදී සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මෙන්ම අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර සහය ඉල්ලූ නමුත් ඒ කිසිවෙක් සහය දීමට ඉදිරිපත් නොවූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න