රෝසිට උපදේශක තනතුරක්.....

රෝසිට උපදේශක තනතුරක්.....

කොළඹ හිටපු නගරාධිපති රෝසි සේනානායක ව පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස පත් කර තිබේ.

රෝසි සේනානායක මෙම තනතුර මෙතෙක් භාරගෙන නොමැති බවත් බොහෝ දුරට එළඹෙන සතියේ ඇය එම තනතුර භාර ගනු ඇති බවත් ඇයගේ මාධ්‍ය ලේකම් විරාජ් තාරක පැවසිය.

ඇය එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය ධුර ඇතුළු තනතුරු ගණනාවක් හෙබවූ සමාජ ක්‍රියාකාරිනියකි.

2001-2004 වර්ෂයේ මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර දරූ ඇය 2009–2010 වසරේ බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක තනතුර හොබවා තිබේ.

ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස 2015 වසරේ කටයුතු කර තිබෙන ඇය අග්‍රාමාත්‍ය ප්‍රකාශක සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ලෙසද කටයුතු කර ඇත.

ඇය 1980 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළද 1984 වසරේ ලෝක විවාහක කිරුළ මෙන්ම රූප රාජිනියක ලෙස ජාත්‍යන්තර කිරුළු කිහිපයක් ලබාගත් කාන්තාවකි.

එක්සත් ජාතික පක්ෂයේ බටහිර කොළඹ සංවිධායකවරිය වූ රෝසි සේනානායක වෙනුවට මේවනවිට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක පත්කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න