දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ශෙහාන්ගෙන් ප්‍රකාශයක් !

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ශෙහාන්ගෙන් ප්‍රකාශයක් !

දේශීය ණය ප්‍රශස්ත කිරීමේ වැඩපිළිවෙල මෙතෙක් අවසන් කර නොමැති බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

බැංකු සහ මුල්‍ය ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය සහතික කිරීමට රජය පුර්ණ වශයෙන් කැපවී සිටින බවත් අමාත්‍යවරයා පෙන්වාදෙයි.

වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇති අතර නිගමනයකින් තොරව සිදුකරන ප්‍රකාශ මඟින් වෙළෙඳපොළ විශ්වාසය බිඳවැටෙනු ඇති බවත් සඳහන් කර ඇත .

එබැවින් ඒ පිළිබඳව වගකීම් සහගතව ප්‍රකාශ නිකුත්කිරීම සිදුකළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සිය ට්ව්ටර් ගිණුමේ සටහන් කර තිබේ.

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයන්තනය සම්බන්ධයෙන් ද්විපාර්ශික ණයහිමියන් සමඟ ප්‍රගතියක් ළඟා කරගෙන ඇති අතර ඒ පිළිබඳ හිතකර එකඟතාවන්ට පැමිණීමට බලාපොරොත්තු වන බවද ශෙහාන් සේමසිංහ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න