Language Switcher

V2025

අපරාධයක් කරන්න අණ දුන්නත් : දඬුවම් දෙන්න බෑ - මැදගොඩ අභයතිස්ස හිමි

රටේ පවතින සිවිල් නීතිය අනුව කිසියම් අණදීමක් සිදුකර ඇති බව ඔප්පු වුවත් දඬුවම් කළ නොහැකි බවත් අණදීම සම්බන්ධව දඬුවම් ලබාදිය හැක්කේ යුධ අපරාධ නීතිය යටතේ පමණක් බවත් මැදගොඩ අභයතිස්ස හිමි සඳහන් කරයි.රටේ පවතින සිවිල් නීතිය අනුව කිසියම් අණදීමක් සිදුකර ඇති බව ඔප්පු වුවත් දඬුවම් කළ නොහැකි බවත් අණදීම සම්බන්ධව දඬුවම් ලබාදිය හැක්කේ යුධ අපරාධ නීතිය යටතේ පමණක් බවත් මැදගොඩ අභයතිස්ස හිමි සඳහන් කරයි.

එලිය සංවිධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසු අතර මේ වන විට කීත් නොයාර් මාධ්‍යවෙදියාව පැහැරගෙන ගොස් පහරදීමේ සිදුවීමට අදාලව හිටපු යුධ හමුදා බුද්ධි අංශ ප්‍රධානියාව අත්අඩංගුවට ගැනීම පෙන්නුම් කරන්නේ රටේ යුධ අපරාධ නීතියත් වලංගු කර ඇති ස්වභාවයක් බවද උන්වහන්සේ පැවසීය.

එසේම යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා කීත් නොයාර්ට පහරදුන් බවට සාක්ෂියක් නොමැති බව  පැහැදිළි බැවින් ඔහුට එරෙහිව චෝදනාවක් ඉදිරිපත් විය හැක්කේ පැහැරගෙන යාමට අණදීම සම්බන්ධව බවත් එහෙත් ඒ බව තහවුරු කිරීමටද කිසිම සාක්ෂියක් නොමැති බවත් උන්වහන්සේ පැවසීය.

මේ ආණ්ඩුව ගණිකාවක් වගේ 

හිටපු යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලැබුවේ විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළ දිනට පසුදින බවත් මේ ආණ්ඩුව බලයට ඒමට සහයදුන් පිරිස් සතුටු කිරීම සඳහා රට ගැන නොහිතා කටයුතු කරන බවද උන්වහන්සේ පැවසීය.

තමන්ව බලයට ඒමට උදව් කළ පාර්ශව කෙසේ හෝ සතුටු කිරීමට උත්සාහ දරමින් ක්‍රියාකරන  වත්මන් ආණ්ඩුව ගණිකාවක් බඳු බවද  ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පැවසීය.

ගැටුම පාලනය කරන්න ආවේ හමුදාව නම් රංගජීව අත්අඩංගුවට ගත්තේ ඇයි ?

වැලිකඩ බන්ධනාගාරයේ ගැටුම මුල් කරගෙන පොලිස් පරීක්ෂක රංගජීව අත්අඩංගුවට ගැනීම අපරාධයක් බවද එහිදී පැවසු උන්වහන්සේ රංගජීව මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ සිරකරුවන්ගේ සාක්ෂිමත පදනම්ව පමණක් බවත් ඔහුව අත්අඩංගුවට ගැනීමට සාක්ෂි නැති බව පොලිසියද පවසා ඇති බවද සඳහන් කර ඇත.

එසේම අදාළ සිදුවීම පාලනය කිරීම සඳහා නියෝග ලැබී තිබුණේ හමුදාවට බවත් ඒ හමුවේ රංගජීව අත්අඩංගුවට ගත්තේ ඔහු රට ගැන හිතා කටයුතු කළ නිසා බවත් හිමියන් පැවසීය.

අපරාධයකට සම්බන්ධ නම් තනතුර අදාළ නෑ 

උන්වහන්සේගේ අදහස් දැක්වීම සම්බන්ධව කළ විමසුමකදී මානව හිමිකම් සම්බන්ධව ක්‍රියාකාරී නීතීඥවරයෙකු සඳහන් කර සිටියේ  යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියාට පමණක් නොව කිසිවෙකුටවත් සිවිල් පුරවැසියන් නීති විරෝධී ආකාරයට පැහැරගෙන ගොස් පහරදීමට හෝ මරණීය තර්ජන කරන්නට නිදහසක් ශිෂ්ට සම්පන්න සමාජයේ නොමැති බවය.

එසේම වැලිකඩ සිදුවීම සම්බන්ධව රංගජීව අත්අඩංගුවට ගෙන ඇත්තේ ගැටුම සමතයකට පත්ව න් අනතුරුව ලැයිස්තුවක් ගෙනගොස් එම ලයිස්තුවේ නම් සඳහන් සිරකරුවන් කැඳවා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධව බවත් එම අපරාධ චෝදනාවට ඔහුට එරෙහිව ඇසින් දුටු සාක්ෂි පවා තිබෙන බැවින්  ඊට පෙර සිදුකල නෛතික වැටලීම් හෝ නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමේ කටයුතු මෙකී චෝදනා විභාගයට අදාළ නොවන බවද ඔහු පැවසීය.

දක්ෂ නිලධාරීන් මේ අපරාධවලට යෙදවූයේ කවුද ? අන්න එතනයි හොයාගන්න ඕන !

එසේම රංගජීව සහ අමල් යන නිලධාරීන් අතීතයේ දක්ෂ කාර්යක්ෂම නිලධාරින් බවට විවාදයක් නැතත් කිසියම් පාර්ශවයක මෙහෙයවීම යටතේ ඔවුන් නීති විරෝධී සහ මානව විරෝධී කටයුතු වලට යොදාගෙන ඇති බවත් ඉතා පැහැදිළිව පෙනීයන බවත් ඒ අනුව මේ සියලු වින්දිතයන්ට යුක්තිය ඉටුවන්නේ අන්න ඒ නීති විරෝධී මානව විරෝධී කටයුතු සඳහා ඔවුන්ව මෙහෙයවූ පාර්ශවය නීතිය හමුවට ගෙන ඒමෙන් පසුව බවද එම නීතීඥවරයා පැවසීය.