Language Switcher

V2025

ශෂී වීරවංශට උපන්දිනය මාරු කරන්න දුන්නේ මනුස්සකමට : චූලාගේ මාර සාක්ෂිය මෙන්න

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශ මහත්මියට අයත් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයේ සහ ඇයගේ රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයේ නම් සහ උපන් දිනයන්හි වෙනස්කම් දක්නට තිබුණත් ඒ සම්බන්ධයෙන් තමා රහස් පොලිසියට පැමිණිලි නොකළ බව හිටපු ආගමන හා විගමන පාලක චූලානන්ද පෙරේරා සඳහන් කර ඇත.හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශ මහත්මියට අයත් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයේ සහ ඇයගේ රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයේ නම් සහ උපන් දිනයන්හි වෙනස්කම් දක්නට තිබුණත් ඒ සම්බන්ධයෙන් තමා රහස් පොලිසියට පැමිණිලි නොකළ බව හිටපු ආගමන හා විගමන පාලක චූලානන්ද පෙරේරා සඳහන් කර ඇත.

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍යතාත්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත්තේ යැයි චෝදනා කරමින් ශෂී වීරවංශ මහත්මියට එරෙහිව රහස් පොලිසිය විසින් ගොනුකර ඇති නඩුවඊයේ (23) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ  සාක්ෂි දෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

පවුල එනවා කියලා විමල් ඇමතිතුමා දුරකථනයෙන් කිව්වා 

ඉකුත් රජයේ නිවාස හා ඉදිකිරීම් ඇමැති ලෙස කටයුතු කළ විමල් වීරවංශ මහතා දිනක් දුරකතනයෙන් තමා අමතා තම බිරියට රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා ඇය පැමිණෙන බවට දැනුම් දුන්නේ යැයි ද එහිදී හිටපු ආගමන හා විගමන පාලක චූලානන්ද පෙරේරා සඳහන් කර ඇති අතර තමන් වීරවංශ අමාත්‍යවරයා පෞද්ගලිකව නොදන්නා නමුත් දුරකතනය ඔස්සේ කටහඬ හඳුනගත් බවද සඳහන් කර ඇත.

1971 උපන්දිනය 1967 කළේ ආරක්ෂාවට කිව්වා 

විත්තිකාර ශෂී වීරවංශගේ  සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයේ උපන් වර්ෂය ලෙස සඳහන් වුයේ 1967 වසර බවත් රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ අයැදුම්පතේ උපන් වර්ෂය ලෙස සඳහන්ව තිබුණේ 1971 වසර බවත් එම වසර 4ක වෙනස නොතකා හැරියේ විත්තිකාරිය ඇයගේ සාමාන්‍ය ගමන් බලපත්‍රයේ වැරැදි තොරතුරු ඇතුළත් වන නිසා ඇයට එය නිවැරදි කරගත යුතු බවදැනුම්දුන් නිසා බවද ඔහු පවසා ඇත.

අඩුපාඩු නොසළකා විදේශ  ගමන් බලපත් ඕන තරම් නිකුත් කළා 

හිටපු ආගමන හා විගමන පාලකවරයා ලෙස ඉහළ තනතුරක් දරද්දී මෙවැනි වරදක් පෙනි පෙනී තිබියදී විදේශ ගමන් බලපත්‍රයක් නිතුක් කරන්න පුළුවන්ද යනුවෙන් එහිදී රජයේ නියෝජ්‍ය  සොලිටර් ජනරාල් සාක්ෂිකරුගෙන් විමසා ඇති අතර එහිදී චුලානන්ද පෙරේරා සඳහන් කර ඇත්තේ තොරතුරුවල සත්‍යතාව පරීක්ෂා කරන්නේ තමන් නොවන බවත් මෙවැනි අඩුපාඩු සහිත අයැදුම්පත්‍ර රාශියක් දිනපතාම දෙපාර්තමේන්තුවට ලැබෙන අතර මනුෂ්‍යත්වය ගැන සලකා මෙවැනි පුද්ගලයන්ට එරෙහිව තමන්  නීතිමය පියවර නොගත් බවය.

එසේම එහිදී උපන් දිනයන් සම්බන්ධයෙන් බරපතළ වෙනස්කමක් පෙනෙන්නට තිබියදී විත්තිකාරිය වෙනුවෙන් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට ඔබ තීන්දු කළේ මනුෂ්‍යත්වයේ මොන කාරණය මතදැයි නියෝජ්‍ය  සොලිටර් ජනරාල් විමසු විට සාක්ෂිකරු සඳහන් කර ඇත්තේ විත්තිකාරියගේ පාපොච්චාරණය මත තමන්ට පැවරී තිබෙන බලතල ප්‍රකාරව අදාළ ගමන් බලපත්‍රය නිකුත් කරන්න කටයුතු කළ බවය.