Image

ඇමරිකානු ජනපති වෙනුවෙන් චීන ජනපති ගෙන් පිළිගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක්

ඇමරිකානු ජනපති වෙනුවෙන් චීන ජනපති ගෙන් පිළිගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක්

චීන ජනාධිපති ෂී ජින්පිං චීනයේ නිල සංචාරයකට එක්ව සිටින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙනුවෙන් පිළිගැනීමේ භෝජන සංග්‍රහයක් පවත්වා තිබෙනවා. ඒ අද (14) රාත්‍රියේ බෙයිජිංහි මහජන මහා ශාලා පරිශ්‍රයේ දී. එහි දී දෙරටේ නායකයින් සිය අදහස් පළ කළේ ය.

චීන-ඇමරිකානු ජනතාව ඉතා විශිෂ්ට බව ෂී ජින්පිං එහි දී පැවසුවා. එමෙන්ම චීන ජාතියේ අභිමානවත් පුනරුදය සාක්ෂාත් කර ගැනීමට සහ ඇමරිකාව යළි විශිෂ්ටත්වයට පත් කිරීම වෙනුවෙන් දෙපාර්ශ්වයට ම එකිනෙකා වෙත සහාය විය හැකි බව පැවසූ හෙතෙම,ඉන් ලෝකය වෙත සුබ සෙත සැලසීමට හැකි වනු ඇති බවත් සඳහන් කළේ ය.

නව තත්ත්ව යටතේ, චීන-ඇමරිකානු සබඳතාවන්හි සමස්ත ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා තමා ට්‍රම්ප් ජනාධිපතිවරයා සමග අවස්ථා කිහිපයකදීම මුණ ගැසීම් සහ දුරකතන සංවාද පවත්වා තිබෙන බව ෂී ජින් පිං මහතා පැවසුවා. චීන-ඇමරිකානු සම්බන්ධතාවය වත්මන් ලෝකයේ වැදගත්ම ද්විපාර්ශ්වික සබඳතාව බව දෙපාර්ශ්වයම පිළිගන්නක්. එමෙන්ම චීනයටත් ඇමරිකාවටත් සහයෝගීතාවයෙන් ප්‍රතිලාභ ලැබිය හැකි වුවත් ගැටුම්වලින් දෙපාර්ශ්වයටම අහිතකර විපාක අත්වනු ඇති බැවින් දෙරටම හවුල්කරුවන් ලෙස ක්‍රියා කළ යුතු යැයි ද ඔහු සඳහන් කළේ ය.

චීන සංචාරයේ දී ෂී ජින් පිං දැක්වූ උණුසුම් ආගන්තුක සත්කාරය වෙනුවෙන් ට්‍රම්ප් මහතා මෙහි දී සිය කෘතඥතාව පළ කළා. අද දිනය සුන්දර දිනයක් බවත්, එය වැදගත් සංචාරයක් බවත්, දෙපාර්ශ්වය අතර ධනාත්මක හා ඵලදායී සංවාදයක් පැවති බවත් ඔහු පැවසුවා. ඇමරිකානු සහ චීන ජනතාව එකිනෙකා අගය කරන බවත් ගරු කරන බවත්, ඔවුන්ගේ මිත්‍රත්වයට දිගු ඉතිහාසයක් ඇති බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම ඇමරිකානු-චීන සම්බන්ධතාවය ලෝකයේ වැදගත්ම ද්විපාර්ශ්වික සම්බන්ධතාවය බවත්,ලෝකයට වඩා යහපත් අනාගතයක් නිර්මාණය සඳහා දෙරට සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

දිනූෂා ධීරසිංහ - චීන පුවත් සේවය

WhatsApp Image 2026 05 14 at 6.49.16 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න