චීන ජනාධිපති ෂී ජින්පිං සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාකච්ඡාවක් අද(14) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේ දී පැවැත්වුණා.
චීනය සහ ඇමරිකාව සුන්දර අනාගතයක් බෙදා ගන්නා බව එහි දී ට්‍රම්ප් ජනාධිපතිවරයා පැවසුවා.
ෂී ජින්පිං ජනාධිපතිවරයා ඉතා ශ්‍රේෂ්ඨ නායකයෙක් බවත් තමා ඒ පිළිබඳව නිරතුරුවම සඳහන් කළ බවත් ඔහු ප්‍රකාශ කළා. චීනයට පැමිණීමට ලැබීම තමාට ගෞරවයක් බව ද ට්‍රම්ප් ජනාධිපතිවරයා එම සාකච්ඡාවේ දී පැවසුවා. මෙම සාකච්ඡාව පැය 2 යි විනාඩි 15 කට වැඩි කාලයක් පැවති අතර මේ වන විට එය අවසන් වී තිබෙනවා.
දිනූෂි ධීරසිංහ - චීන පුවත් සේවය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
