චීන ජනාධිපති ෂී ජින් පිං සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ අද (14) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේ දී.
වර්තමානයේ ලෝකය මුහුණ දෙන පෙර නොවූ විරූ හදිසි වෙනස්කම් හමුවේ ජාත්‍යන්තර තත්ත්වය ගැටුම්කාරී වාතාවරණයක පවතින බව චීන ජනාධිපතිවරයා එහි දී පෙන්වා දුන්නා. චීනය සහ ඇමරිකාවට ‘Thucydides’ උගුලට හසු නොවී ප්‍රධාන හා දැවැන්ත රටවල් අතර සබඳතාවයේ නව ආකෘතියක් නිර්මාණය කළ හැකි ද? දෙරටට එක්ව ගෝලීය අභියෝගවලට මුහුණ දෙමින් ලෝකයට වඩාත් වැඩි නිශ්චිතභාවය ලබා දිය හැකි ද? දෙරට අතර සබඳතාවයේ සුන්දර අනාගතයක් එක්ව නිර්මාණය කළ හැකි ද? යනාදි වත්මන් යුගයේ මතුව ඇති මෙම ප්‍රශ්න වෙත ප්‍රධාන රටවල නායකයන් එක්ව පිළිතුරු ලබා දිය යුතු බව චීන ජනාධිපතිවරයා එහි දී අවධාරණය කර තිබෙනවා.
චීනය සහ ඇමරිකාව සතුරන් නොව හවුල්කරුවන් විය යුතු බව ද හෙතෙම අවධාරණය කළා. දෙරටට ම සහ ලෝකයට ම අදාළ වැදගත් කරුණු පිළිබඳව ට්‍රම්ප් ජනාධිපතිවරයා සමග අදහස් හුවමාරු කර ගනිමින් චීන-ඇමරිකා සබඳතාවය නිවැරදි ලෙස ඉදිරියට මෙහෙයවීමට බලාපොරොත්තු වන බව ඔහු කියා සිටියා. 2026 වසර චීන-ඇමරිකා සබඳතා සඳහා ඓතිහාසික හා සන්ධිස්ථානීය වසරක් බවට පත් වනු ඇතැයි අපේක්ෂා කරන බවද චීන ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කළේ.
දිනූෂි ධීරසිංහ - චීන පුවත් සේවය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
