ජාලිය වික්‍රමසූරියට යළිත් විවෘත වරෙන්තුවක්

ජාලිය වික්‍රමසූරියට යළිත් විවෘත වරෙන්තුවක්

අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) යළිත්  විවෘත වරෙන්තුවක්  නිකුත් කර ඇත.අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) යළිත්  විවෘත වරෙන්තුවක්  නිකුත් කර ඇත.

ඒ අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය  අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී රජයට අයත්  අමෙරිකානු ඩොලර් 330000 ක මුදලක් සාවද්‍ය ආකාරයට පරිහරණය කළේ යැයි කියන සිද්ධිය  සම්බන්ධව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවය.

මෙම වරෙන්තුවට අමතරව ජාලිය වික්‍රමසූරිය මහතාගේ ඇපකරුවන් ලෙස ඉදිරිපත්ව  දැනට අධිකරණය මඟහැර සිටින ඔහුගේ බිරිඳ සහ ඥාති සොයුරිය අත්අඩංගුවට ගැනීම සඳහා ද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.

මෙහිදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා ඇත්තේ සැකකාර ජාලිය වික්‍රමසූරිය මෙරටට ගෙන්වා ගැනීම සඳහා පරීක්ෂණ කටයුතු පවත්වමින් සිටින බවය.

ඒ අනුව  පැමිණිල්ල නැවත මැයි මස 14 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට නියම කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න