ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිපයේ හිටපු මැති ඇමැතිවරුන් 16 දෙනා හට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට ජනාධිපතිවරයා අවසර ලබාදී ඇති බව වාර්තා වෙයි.
ඊයේ (24) රාත්‍රියේ ජනාධිපති නිල නිවසේ පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සහා හමුවේදී මෙම තීරණය ලබාදී ඇත.
අතර ආණ්ඩුව සමඟ සිට කටයුතු කිරීමට එකඟ පාර්ශව ආණ්ඩුව සමඟ දැනට රැඳී සිටින ලෙසත් තවදුරටත් පක්ෂයක් ලෙස ආණ්ඩුවේ කටයුතු කරනවාද නැද්ද යන්න සම්බන්ධ තීන්දුව එළඹෙන මධ්‍යම කාරකසභාවේදී තීරණය කිරීමටද එහිදී තීන්දු වී ඇත.
එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් කිරීමට ඊයේ පැවැති පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය වී ඇති අතර එම ප්‍රතිසංවිධානය සිදු කරන ආකාරය ගැනද මැයි අට වැනිදායින් පසු රැස්වෙන මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගැනීමට නියමිත බවද වාර්තා වෙයි.

