මත්ද්‍රව්‍ය සහ පාතාලේ මඩින්න පොලිස් කමිටුවක් !

මත්ද්‍රව්‍ය සහ පාතාලේ මඩින්න පොලිස් කමිටුවක් !

මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවලට අදාළව පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත්කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ නියෝග පරිදි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න කටයුතු කර ඇත .

ඒ අනුව මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධව පොලිස් මූලස්ථානයට හා අමාත්‍යාංශයට වාර්තා කිරීම සඳහා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ සභාපතිත්වයෙන් අදාළ කමිටුව පත්කර තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කරන ආකාරයට එම කමිටුව මෙසේය .

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති - බස්නාහිර පළාත - ටී.එම්.ඩබ්.ඩී තෙන්නකෝන්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති - උතුරු පළාත - කේ.පී.එම් ගුණරත්න

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති - දකුණු පළාත - එස්.සී මැදවත්ත

අණදෙන නිළධාරී - විශේෂ කාර්ය බලකාය - ඩබ්.එස්.ඊ ජයසුන්දර

නියෝජ්‍ය පොලිස්පති - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව - එස්.පී රණසිංහ

නියෝජ්‍ය පොලිස්පති - මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය - ඔෂාන් හේවාවිතාරණ

නියෝජ්‍ය පොලිස්පති - විශේෂ කාර්යාංශය - ටී.සී.ඒ. ධනපාල

අධ්‍යක්ෂක - කොළඹ අපරාධ කොට්ඨාසය - එන්. සිල්වා

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න