Image

චීවරධාරීන් ගේ මත්ද්‍රව්‍ය ජාවාරම මහනායක හිමිවරුන් දැඩි පිළිකුලෙන් හෙළා දකියි; වහාම සසුනෙන් නෙරපීමට පියවර!

චීවරධාරීන් ගේ මත්ද්‍රව්‍ය ජාවාරම මහනායක හිමිවරුන් දැඩි පිළිකුලෙන් හෙළා දකියි; වහාම සසුනෙන් නෙරපීමට පියවර!

බුද්ධ චීවරය අවභාවිත කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ නිරත වූ භික්ෂු ප්‍රතිරූපකන පිරිසක ගේ ක්‍රියාකලාපය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා දැඩි ලෙස හෙළා දැක ඇත. නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේලා අවධාරණය කරන්නේ මෙම නින්දිත ක්‍රියාව ශාසන විරෝධී මෙන්ම මෙරට නීතිය ද බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.

ලාංකීය සමාජය තුළ මහා සංඝරත්නයට හිමි සාම්ප්‍රදායික ගෞරවය සහ බෞද්ධ ජනතාව බුද්ධ චීවරය කෙරෙහි තබා ඇති පූජනීය විශ්වාසය මෙම පිරිස අමු අමුවේ කෙළෙසා ඇති බව මහානායක හිමිවරුන් පෙන්වා දෙති.

මෙම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සියලු පුද්ගලයින්ට තරාතිරම නොබලා උපරිම දඬුවම් ලබා දිය යුතු බව උන්වහන්සේලා රජයෙන් ඉල්ලා සිටිති.

අදාළ නිකාය පාර්ශ්ව මඟින් මේ පිළිබඳව කඩිනම් පරීක්ෂණ පවත්වා, වරදකරුවන් වන සියලු භික්ෂු ප්‍රතිරූපක ශාසනයෙන් නෙරපීමට (උපසම්පදාව හෝ පැවිදිබව අහෝසි කිරීමට) කටයුතු කරන බව සහතික කර ඇත.

මෙවැනි ශාසන විරෝධී ක්‍රියාවල නිරත වන්නන් විනයානුකූලව පාලනය කිරීමට සහ සසුනෙන් නෙරපීමට අවශ්‍ය ස්ථිර යාන්ත්‍රණයක් සකස් කිරීමේ අවශ්‍යතාව මහානායක හිමිවරුන් අවධාරණය කරති. ඒ සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සම්පාදනය කිරීමට රජය කඩිනමින් මැදිහත් විය යුතු බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ශාසනයේ උන්නතිය සහ ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි අකටයුතුකම් කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව ක්‍රියා කිරීමේ කාලය එළඹ ඇති බව මහානායක හිමිවරුන්ගේ අදහසයි.

pdf

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න