ජපාන ආධාර යටතේ මෙට්‍රික් ටොන් 8,500ක යූරියා පොහොර නැවක් කොළඹ වරායට ළඟා වී තිබේ.
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම වැඩසටහන යටතේ ජපාන රජය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කය හා උතුරු පළාතේ ගොවි ජනතාවට ලබාදීම සඳහා මෙම පොහොර තොගය පරිත්‍යාග කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.
කොළඹ වරායට ඊයේ (05) රාත්‍රියේ ළඟා වූ අදාළ නෞකාවේ ඇති පොහොර ගොඩබෑමේ කටයුතු ආරම්භ කර ඇත.
මේ අතර, පෙරේදා දිනයේ කොළඹ වරායට ළඟා වූ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 18,000ක තොගයක් රැගත් නෞකාවේ පොහොර, දිවයින පුරා ගොවිජන මධ්‍යස්ථානවලට බෙදාහැරීමේ කටයුතු මේ වන විට සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
