මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක් හෝ විරෝධතා පාගමනකින් මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වමින් පිරිසකට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් අද(11) නිකුත් කර තිබේ.
ඒ අනුව අද(11) දහවල් 12.00 සිට හෙට(12) දහවල් 12.00 දක්වා මෙම නියෝගය බල පැවැත්වේ.
එම නියෝගයේ සඳහන් වන්නේ, කොළඹ ඩීන්ස් මාවත, කුලරත්න මාවත, ටී.බී ජයා මාවත සහ ටෙක්නිකල් හන්දිය යන ප්‍රදේශවලට ඇතුළුවීමෙන් වළකින ලෙසටය.
එම නියෝගය නිකුත් කර ඇත්තේ පූජ්‍ය පාගොඩ විජිතවංශ හිමියන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකුට ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
