ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මධුශංක දිසානායක පත් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පද්ධති කළමනාකරණය පිළිබද පශ්චාත් උපාධිකාරියෙකු වන මධුශංක කොළඹ විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය කළමනාකරණය පිළිබද පශ්චාත් උපාධියක් ද, ඕස්ට්‍රේලියාවේ කර්ටින් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පරිගණක පද්ධති හා ජාලකරණය පිළිබද උපාධියක් මෙන් ම ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිය ද හිමි කර ගෙන ඇත.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර ගණනාවක අත්දැකීම් සහිත නිලධාරියෙකු වන ඔහු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ, නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිිමේන්තුව හා අධිකරණ අමාත්‍යාංශය වැනි රාජ්‍ය ආයතන කිහිපයක ම ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු දරා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
