බලශක්ති ක්ෂේත්‍රය නියාමනය සඳහා නව ස්වාධීන ආයතනයක් !

බලශක්ති ක්ෂේත්‍රය නියාමනය සඳහා නව ස්වාධීන ආයතනයක් !

මෙරට බලශක්ති ක්ෂේත්‍රය නියාමන කිරීමට නව ස්වාධීන නියාමන ආයතනයක් ලබන වසරේදී ස්ථාපනය කරන බවත් එමගින් සමස්ත බලශක්ති ක්ෂේත්‍රයම ආවරණය වන නියාමන ක්‍රියාවලියක් බලාපොරොත්තු වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ නව රෙගුලාසි, රජයේ ප්‍රතිපත්ති තීරණ සහ අනෙකුත් කරුණු කීපයක් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනා සාකච්ඡා කිරීමට, මෙරටට ලිහිසි තෙල් ආනයනය කරන සමාගම්වල නියෝජිතයන් සමග විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවේදීය.

ලිහිසි තෙල් ආනයනය කිරීමේ බලපත්‍ර වසර තුනකට වරක් නිකුත් කිරීමට රජය තීරණය කර ඇති බවත් සියලුම ආනයනික ලිහිසි තෙල් වර්ග වෙනුවෙන් ඛනිජ තෙල් සංස්ථාව සමග ගිවිසුම් ගතව ඇති අතර 1200 කට ආසන්න වන පිරවුම් හල්වල විකිණිමට පහසුකම් සලසන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ එමගින් පාරිභෝගිකයන්ගේ කැමැත්ත මත ඒවා මිලට ගැනිමේ අවස්ථාව ලැබන බවය.

එසේම වෙළඳපොළ ඒකාධිකාරයක් ඇති නොවන පරිදි, ගුණාත්මක නිෂ්පාදන සියල්ල වෙනුවෙන් යහපත් තරගකාරී වෙලදපොලක් නිර්මාණය කිරීම අවශ්‍ය බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න