මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය වැඩිදියුණු කිරීමට ජනපතිගෙන් උපදෙස්

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය වැඩිදියුණු කිරීමට ජනපතිගෙන් උපදෙස්

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත අපනයන හා ප්‍රතිඅපනයන වැඩි දියුණු කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ සැලසුම් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ  බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය තුළින් වාර්ෂිකව රටට ඉහළ අපනයන ආදායමක් උපයා ගත හැකි බව ද ජනාධිපතිවරයා මෙහි දී අවධාරණය කර ඇත.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත මතු ව ඇති ගැටලු පිළිබඳ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා වූ බදු ප්‍රතිපත්ති පිළිබඳ නිර්දේශ 'පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව' විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට බලපාන බදු මෙන්ම අපනයන හා ප්‍රතිඅපනයන ක්‍රියාවලිය පිළිබඳ මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වී ඇති අතර, මේ වන විට ක්ෂේත්‍රය තුළ මතුව ඇති ගැටලු කිහිපයක් පිළිබඳ අදාළ පාර්ශ්වයන් විසින් ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කිරීම ද සිදුවී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න