ළමා රෝහලේ පහසුකම් පුළුල් කිරීම‍ට නාවික හමුදා සහය

ළමා රෝහලේ පහසුකම් පුළුල් කිරීම‍ට නාවික හමුදා සහය

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගී දරුවන්ගේ පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් සමාජ සත්කාරයක් ලෙස එම රෝහලේ අබලන් වූ ඇඳන් ඇතුළු අනෙකුත් උපකරණ නාවික හමුදාවේ දායකත්වයෙන් අළුත්වැඩියාකර එම රෝහල වෙත භාරදීම ඊයේ (17) නාවික හමුදා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නැව්බඳ ඉංජිනේරු කපිතාන් කපිල ද සිල්වාගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත, නාවික හමුදා සමාජ සත්කාරයක් ලෙස සිදුකල රිජ්වේ ආර්යා ළමා රෝහලේ රෝහල් ඇඳන් ඇතුළු අනෙකුත් පහසුකම් අළුත්වැඩියාව නාවික හමුදා ඉංජිනේරු ශිල්පීන්ගේ දායකත්වයෙන් හා රිජ්වේ ආර්යා ළමා රෝහලේ මූල්‍ය දායකත්වයෙන් 2023 ජුලි මස 31 වන දින ආරම්භ කෙරිණි.

ඒ අනුව, සමාජ සත්කාරයක් ලෙස සිදුකල මෙම අළුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය යටතේ අබලන් තත්වයේ තිබූ රෝගී ඇඳන් පනස් හතරක් (54), Laundry Rack පහක් (05) සහ ඔක්සිජන් රඳවන එකක් (01) කඩිනමින් අළුත්වැඩියා කර රෝගී දරුවන්ගේ භාවිතය වෙනුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත භාරදීම මෙලෙස සිදුවිය.

තවද, නාවික හමුදාව විසින් සිදුකල මෙම සමාජ සත්කාරය හේතුවෙන් නේවාසික ‍රෝගී දරුවන් වෙනුවෙන් අත්‍යවශ්‍යව පැවති පහසුකම් කඩිනමින් පුළුල් කිරීමට හැකිවීම සම්බන්ධයෙන් රෝහල් කාර්යය මණ්ඩලය විසින් නාවික හමුදාව වෙත ඔවුන්ගේ ප්‍රශංසාව පල කිරීමද එහිදී සිදුකෙරිණි.

1 2 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න