ඊයේ (අගෝ. 29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟුපිටි ආනයනය සඳහා අවශ්‍යව තිබූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, අද (අගෝ. 30) රුවන්වැල්ල ප්‍රදේශයේ මාධ්‍ය හමුවකදී ය.
තිරිඟුපිටි ආනයනයේදී පනවා තිබූ බදු මුදල ද කිලෝවකට රු. 16 සිට රු. 27 දක්වා ත්, තිරිඟු ඇට සඳහා රු. 6ක බද්දකුත් පැනවීමට කටයුතු කළ බව ඔහු පැවසීය.
මේ හේතුවෙන් තිරිඟුපිටි මිල ඉහළ යාමක් සිදු නොවන බව ත් ආනයන පාලනයක් ඇති කිරීම පමණක් මෙමගින් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
