සයිනොපෙක් ලංකාවේ වැඩ අරඹයි

සයිනොපෙක් ලංකාවේ වැඩ අරඹයි

චීනයේ සයිනොපෙක් ඉන්ධන සමාගම ශ්‍රී ලංකාව තුල සිය පළමු ඉන්ධන පිරවුම්හල විවෘත කර තිබෙන අතර ඒ අනුව සයිනොපෙක් වෙළෙඳනාමය යටතේ වූ මුල්ම ඉන්ධන පිරවුම්හල මත්තේගොඩ ප්‍රදේශයේ ක්‍රියාත්මක වේ.

ඔවුන් පෙට්‍රල් සහ ඩීසල් සඳහා රුපියල් 3.00ක වට්ටමක් සහිතව ඉන්ධන බෙදාහැරීම ආරම්භ කර ඇත.

ඉදිරියේ දී සයිනොපෙක් ආයතනයට පවරාදෙනු ලබන ඉන්ධන පිරවුම්හල් 150ක් පමණ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් සඳහා විවෘත කෙරේ.

ඊට අදාලව දැනට ක්‍රියාත්මක අදාළ ඉන්ධන පිරවුම්හල් ප්‍රමාණයක් සයිනොපෙක් කළමනාකාරිත්වය සඳහා ඔක්තෝම්බර් මාසය නිමවීමට පෙර පවරා දීමට නියමිතය.

ඊට අමතරව සමාගම විසින් අලුතින් ඉන්ධන පිරවුම්හල් 50ක් ද ආරම්භ කිරීමට නියමිත බව සදහන් කෙරේ.

පසුගිය ජුලි මාසයේ ශ්‍රී ලංකා රජය සමඟ එළඹුණ ගිවිසුම යටතේ සයිනොපෙක් සමාගමට මෙරට ඉන්ධන විකිණීම, බෙදාහැරීම, ගබඩාකිරීම හා ආනයනය සඳහා වසර 20ක කාලයකට බලය පවරා දෙනු ලැබීය.

ඉන්ධන අලෙවියේ දී තරගකාරී බවක් නිර්මාණය කිරීම මෙහි අපේක්ෂාව බව රජය පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න